Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ | 12 වෙනි කතාව

Posted by Admin - සිංහල උපසිරැසි on 11:59

      කොහොමද ඉතින් කට්ටියට , ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ ඉඳන්ම අපි හැමෝම බලාගෙන හිටියනේ ස්මොල්වීල් එකේ 12 වෙනි කතාව එනකන්, ඔන්න ඉතින් මේක ගිය සතියේ ඒ කියන්නේ ජනවාරි 28 නේ ටෙලිකාස්ට් වෙන්න හිටියේ මාත් ඉතින් උඩ පැනගෙන හිටියා මේක බලන්න..බලනකොට පෙබරවාරි 4 වෙනකන් කල් ගිහින්.. දැන් ඉතින් මොනා කරන්නද තව සතියක් ඉවසනවයි කියලා හිත හදාගෙන හිටියා .යාන්තන් ඔන්න මේ සැරේ නම් ටෙලිකාස්ට් උනා මේකේ 12 වෙනි කතාව,  කට්ටියට මතක ඇතිනේ 11 ඉවර උනේ කාටර්ගේ ෆියුනරල් එකේන් කියලා ඒකෙදි සුදු පාට එලියක් එක්කම කට්ටියටම සිහි නැති උනා මතකයිනේ ..ඒක කරලා තියෙන්නේ VRA එකෙන් ඊට පස්සෙ VRA එකෙන් අපේ මේ කට්ටියව අල්ලගෙන මෙයාලව Virtual  ලෝකයට ඇදලා දාලා කට්ටියට හෙන අප්සට් , කාටවත් බලය නෑ මේ virtual ලෝකෙදි ඉතින් කවදත් හිත හොඳ ක්ලෝයි තමයි මේ සැරේ කට්ටියව බේරගන්නේ මෙක සුපිරි සිද්දියක් තියෙන්නේ.. ආ.. කියන්න බැරි උනා ක්ලෝයි ෆ්ලෑග් එක්ක එකතු වෙලා ඉන්නේ .. ඔලිවර් එක්ක ෆ්ලෑග් ගෙත් පොඩි පොඩි ඇරියස් තියනවනේ ඒත් මෙතනදි ඒවා මතු වෙන්නේ නෑ ..කතාවනම් සුපර්.. කට්ටිය ඩවුන්ලෝඩ් කරලා ඇතිනේ මේ වෙන කොටත් ..එහෙනම් ඉතින් මං  ඔන්න කිව්වා වගේම ඉක්මනටම සිංහල සබ් ටයිට්ල් ෆයිල් එක අරගෙන ආවා .. කට්ටිය එහනම් ඉතින් බලලා කමෙන්ට් එකක් එහෙම දාන්න...



වීඩියෝ ෆයිල් එක බාගන්න 

ස්තූතියි 
smallville with sinhala subtitle , smallville in sinhala, smallville sinhalen , sinhalen smallville, subtitle , sub title, smallville with sinhala upasirasi , sinhala upasirasi